පෞද්ගලික අංශයේ සේවකයින්ට සුබ ආරංචියක් - මූලික වැටුප වැඩි වේ..?

Manusha Nanayakkara Government Employee Sri Lanka Government Of Sri Lanka
By Gagana Nov 23, 2023 06:20 PM GMT
Report

අද දින ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී විදේශ රැකියා අමාත්‍ය මනුෂ නයනක්කාර මහතා පැවසූයේ පුද්ගලික අංශයේ සේවකයින්ගේ අවම මූලික වැටුප වැඩි කිරීමේ ක්‍රමවේදයක් සකස් කරන බවයි .

තව ද අමාත්‍යවරයා සඳහන් කළේ මේ වන විටත් එහි වැඩකටයුතු ආරම්භ වී ඇති බවයි.

වැඩිදුර අදහස් දක්වමින් අමාත්‍යවරයා සදහන් කලේ රජයක් වශයෙන් අපි 2023 අයවැය ඉදිරිපත් කළේ රට අධි උද්ධමනකාරී තත්ත්වයකට පත්වීම වැළැක්වීමේ මූලික අරමුණ ඇතිව බවත්.

පෞද්ගලික අංශයේ සේවකයින්ට සුබ ආරංචියක් - මූලික වැටුප වැඩි වේ..? | Private Sector Employees Salary

මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා දැඩි මූල්‍ය පාලන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කල බවත්. මෙම උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස අපි 2023 සැප්තැම්බර් වන විට උද්ධමනය 0.80% දක්වා සාර්ථකව අඩු කල බවත් සදහන් කලේය.