ඔබේ මුදල් ආරක්ෂිතද..? බැංකු කළමනාකරු අයිතිකරුට හොරෙන් මුදල් වෙනත් ගිණුමකට බැර කරලා....

CID - Sri Lanka Police Sri Lanka Police Ministry Of Public Security Sri Lanka Banks
By Sewvandhi Jul 09, 2024 10:58 AM GMT
Report

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ, ගිණුම් හිමිකරුගේ අනු දැනුමකින් තොරව කෝටි දෙකක මුදලක් වෙනත් ගිණුමකට බැර කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සහකාර බැංකු කළමනාකරුවකු අත්අඩංගුවට ගත් බවයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 37 ක ගම්පහ ප්‍ර දේශයේ පදිංචි පුද්ගලයකුයි.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ,පෞද්ගලික බැංකුව පවත්වාගෙන යනු ලබන රුපියල් දෙකෝටි අට ලක්ෂ හතළිස් දහස් හාරසිය අනූ හයක මුදලක් එම ගිණුම් හිමිකරුගේ අනුමැතියකින් තොරව තවත් බැංකුව නිලධාරීන් කීප දෙනකු විසින් වෙනත් ගිණුමකට බැර කර ගෙන ඇති බවයි.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වානිජ අපරාධ විමර්ශන අංශය මගින් සිදුකළ විමර්ශනවලට අනුව බැංකු සහකාර කළමනාකරුවකු අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වානිජ අපරාධ විමර්ශන අංහ්‍ය වැඩිදුර විමර්ශන සිදුකරයි.