තිරිඟු පිටි ගැන රතු එළියක්...පිටි මිල ඉහළත් යයි?
Sri Lanka
Businessman
By Aruna
පාන් ඇතුළු බේකරි නිෂ්පාදන සඳහා යොදාගන්නා තිරිඟු පිටිවල හිඟයක් පවතින බවත්, ඉන්ධන අර්බුදය මෙම තත්ත්වයට බලපා ඇති බවත් සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පවසනවා.
ත්රිකුණාමලයේ සිට කොළඹට තිරිඟු පිටි කිලෝ 50ක මිටියක් ප්රවාහනය කිරීමේදී, මිටියක් සඳහා රුපියල් 300ක අමතර මුදලක් අය කෙරෙන බවද සභාපතිවරයා පවසයි.
එමෙන්ම, පසුගිය කාලයේදී ත්රිකුණාමලයේ සිට මරදාන දක්වා දුම්රියෙන් තිරිඟු පිටි ප්රවාහනය කරනු ලැබුවත්, මේ වනවිට දුම්රියෙන් තිරිඟු පිටි ප්රවාහනය නතර වී ඇතැයිද ඔහු කීවේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |