භාණ්ඩ කිහිපයක මිල ගණන්වල එකවරම සිදුවුණ වෙනස.
ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩවල මිල ගණන් පහළ යමින් පවතියි.
ඒ බව ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ ය.
එයට හේතුව භාණ්ඩ සඳහා පනවා තිබූ ආනයන සීමා ලිහිල් කිරීමත් සමඟ බව එම සංගමය කියා සිටියේ ය.
මෙම භාණ්ඩ සඳහා පනවා තිබූ ආනායන සීමා ඉවත්කරනු ලැබුවේ වසර තුනහමාරකට පසුව වේ.
එහි ලේකම් ශාමින්ද්‍ර ගුණසේකර මහතා සඳහන් කළේ,මේ තත්ත්වය හේතුවෙන් ඉදිකිරීම් කේෂත්‍රයේ පිබිඳීමක් සිදුව ඇති බවය.
වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා,
"ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ ආනයනය වසර තුනහමාරක් අත්හිටුවලා තිබුණා. ආනයනික සීමා පනවලා තිබුණා කොවිඩ් එක්ක. වසර තුනහමාරකට පස්සේ අපිට ගිය මාසේ ආනයන සීමා ලිහිල් කරලා, නැවතත් ආනයනය කිරීමට අවස්ථාව ලබාදුන්නා රජය.
මෙය අවස්ථාවක් කරගන්නවා රජයට ස්තූති කරන්න. පහුගිය මාසය තුළ නැවතත් ආනයනය පටන් අරන් තියෙනවා. මිල ශීඝ්‍ර ලෙස පහළ බහිනවා.ටයිල් සහ සනීපාරක්ෂක මෙවලම්වල. ඉල්ලුම ශීඝ්‍ර ලෙස ඉහළ යනවා. ඉදිකිරීම් කේෂ්ත්‍රයටත් ඉතා හොඳ පන්නරයක් මේක." යනුවෙන් ය.
කෙසේ වෙතත්, ශාමින්ද්‍ර ගුණසේකර මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ, මෙම කේෂත්‍රය සඳහා තවදුරටත් බදු පැනවීමක් සිදුකළ හොත් ටයිල් කැටයක මිල යළිත් රුපියල් 100 කින් ඉහළ යන බවය.
තවදුරටත් තීරුබදු වැඩිකිරීමක් සිදු නොකරන ලෙස එම සංගමය රජයෙන් ඉල්ලා සිටියි.