උත්සව සමයේ සීග්‍ර ලෙස ඉහළ යන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල

Food Shortages Pakistan Latest Headlines
By Sewvandhi Mar 11, 2024 06:00 PM GMT
Report

රාමසාන් ඉස්ලාම් උත්සව සමය ඉරිදා සිට ආරම්භවීමත් සමඟ පාකිස්තානයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යමින් ඇති බවට එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

වාර්තා වන්නේ, දැනටමත් එළවළු, සීනි, ගිතෙල්, මස්, බිත්තර, සහ ධාන්‍ය වර්ග මිල දෙගුණයකින් හෝ තුන් ගුණයකින් පමණ වැඩි වී ඇති බවයි.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, කඩිනමින් ලාභ ලැබීමේ අරමුණින් වෙළෙන්දන් අසාධාරණ ලෙස මෙලෙස මිල වැඩි කර භාණ්ඩ අළෙවි කරන අතර එම තත්වය හමුවේ අඩු හා මැදි ආදායම් ලබන පාරිභෝගික ජනතාව පීඩාවට පත් ව සිටින බවයි .

මෑත කාලයේ පාකිස්තානයේ භාණ්ඩ මිළ සියයට 31.5ක පමණ මට්ටමින් ඉහළ යාමක් පෙන්නුම් කළ ද රාමසාන් උත්සව සමය උදාවීමත් සමඟ එය සියයට 60ක් දක්වා වැඩි වී තිබෙනවා.