භාණ්ඩ වර්ග 76ක මිල ඉහල යාමට හේතුව මෙන්න..ඉදිරියේදී තවත් මිල යයි?..

Business Mobile Sri Lanka Businessman
By Aruna Jun 19, 2022 11:01 PM GMT
Report

භාණ්ඩ වර්ග 76ක් සඳහා උපරිම සිල්ලර මිල සටහන් කිරීම අනිවාර්ය කරමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අවලංගු කළ පසු යළි බලාත්මක නොකිරීම, වර්තමානයේ ඇතැම් භාණ්ඩ මිල ඉහල යාමට හේතුවක් වී ඇති බවට අනාවරණ වී තිබෙනවා.

2020 වසරේ අගෝස්තු මාසයේදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ හිටපු සභාපති ශාන්ත දිසානායක විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කළ අතර පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී ඔහු විසින්ම එය අවලංගු කරනු ලැබුවා.

අදාල ගැසට් නිවේදනය මගින් නිෂ්පාදකයින්, ආනයනයකරුවන්, වෙළෙදුන්, සියලු‍ භාණ්ඩවල, ඇසුරැම්වල උපරිම සිල්ලර මිල පැහැදිලිව මුද්‍රණය කළ යුතු බවටයි අනිවාර්ය කර තිබුණේ.

මෙම භාණ්ඩ 76 ට අදාලව නිෂ්පාදන කාණ්ඩ අංකය, නිෂ්පාදනය කළ දිනය, කල් ඉකුත්වන දිනය සටහන් කිරීම ද එමගින් අනිවාර්ය කර තිබුණා.

මේ මොහොතේ රුපියල ස්ථාවර වී ඇති බැවින් අවලංගු කළ ගැසට්ටුව යළි බලාත්මක කළ හැකියි.

එය ප්‍රමාද වීම හේතුවෙන් උපරිම සිල්ලර මිල භාණ්ඩයේ සටහන් නොවීම මුල්කර ගනිමින් ඇතැම් කූඨ වෙලඳුන් අසාධාරණ මිල යටතේ භාණ්ඩ අලෙවි කරමින් සිටින බව පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරියෙකු සදහන් කළා.

සීනි සහ පරිප්පු මිල ඉහල දමා ඇත්තේ ද එම පදනම මත බවයි ඔහු සදහන් කළේ.

රුපියල ස්ථාවර මට්ටම තිබියදී දැනට වෙලඳපොලේ පවතින මිලට වඩා අඩු මිලට ඒවා අලෙවි කළ හැකි බව ද එම නිළධාරීයා කියා සිටියා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now