කොළඹ වරාය නගරයේ ඡායාරූප ගැනීමේදී අය කරන මුදල් ප්‍රමාණය ප්‍රකාශයට පත් කෙරේ..සියලු මිල ගණන් මෙන්න.

Colombo Port city Marina photograph
By Sewvandhi Jan 21, 2022 11:52 AM GMT
Report

කොළඹ වරාය නගරයේ පසුගිය දා විවෘත කෙරුණු marina මහජන මංතීරුව අවට ප්‍රදේශයේ සිදු කෙරෙන ඡායාරූප ගැනීමේ කටයුතු සහ වීඩියෝගත කිරීමේ කටයුතු සඳහා අය කෙරෙන මිල ගණන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

කොළඹ වරාය නගරය පෞද්ගලික සමාගම විසින් මෙලෙස ප්‍රකාශයට පත්කර ඇති මිල ගණන් අනුව පෞද්ගලික මට්ටමේ ඡායාරූපගත කිරීමක් හෝ වීඩියෝ ගත කිරීමක් සඳහා පුද්ගලයින් 2-5ත් අතර සහභාගීත්වයක් ඇතිව අදාළ පසුතලය භාවිතා කිරීමට පැය 3කට අඩු කාලයක් සඳහා රුපියල් තිස් දහසක් අය කෙරෙනවා.

එමෙන්ම අදාළ රූගත කිරීමට පුද්ගලයින් 6-10ත් අතර සංඛ්‍යාවක් එක් වන්නේ නම් පැය 3 කට අඩු කාලයක් සඳහා අය කෙරෙන මුදල රුපියල් පනස් දහසක්.

පුද්ගලයින් 10 දෙනෙකුට වැඩි පැය තුනකට අඩු කාලයක් සඳහා අය කෙරෙන මුදල සාකච්චා කරගත හැකි බවයි එම ගාස්තු සටහනේ දැක්වෙන්නේ.

එමෙන්ම වාණිජමය රූගත කිරීම් සඳහා පුද්ගලයින් 10 දෙනෙකුට අඩු පැය තුනකට අඩු කාලයක් සඳහා රුපියල් ලක්ෂයක් අය කරන බවයි කොළඹ වරාය නගරය පෞද්ගලික සමාගම පවසන්නේ.

එමෙන්ම ඔවුන් නිකුත් කර ඇති මෙම අය කිරීමේ ගාස්තු සටහනේ එම වාණිජමය රූගත කිරීම සඳහා පුද්ගලයින් 10 දෙනකු වැඩියෙන් එක් වන්නේ නම් පැය තුනකට අඩු කාලයක් සඳහා වන මුදල සාකච්චා කරගත හැකි බවයි ඔවුන් දන්වා ඇත්තේ.

මේ අතර මීට සති දෙකකට පමණ පෙර මහ ජනයා සඳහා විවෘත වූ කොළඹ වරාය නගරය marina මහජන මංතීරුවට මේ වන විට අලාභහානි සිදු වී ඇති ආකාරය දැක්වෙන ඡායාරූප රාශියක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.

එම ඡායාරූපවලින් දැක්වෙන්නේ marina මහජන මංතීරුවේ බිම අතුරා ඇති යම් යම් කොටස් කැඩී බිඳී ගොස් ඇති ආකාරය යි. මේ අතර පසුගිය දින ගණනාව මුළුල්ලේ මෙම marina මහජන මංතීරුවට පැමිණේ අති විශාල ජනකාය විසින් භාවිතා කර ඉවත දැමූ ප්ලාස්ටික් බෝතල් බීම බදුන් ආදිය ඒ අසල මුහුදු තීරයේ එක්රැස් වී ඇති ආකාරය දැක්වෙන ඡායාරූප ද සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමෘද්ධිය පරිසර ආරක්ෂණ අධිකාරිය අවධාරණය කරන්නේ කොළඹ වරාය නගරය නැරඹීමට පැමිණෙන පුද්ගලයින් ඒ අවට සාගර කලාපයට අපද්‍රව්‍ය බැහැර කළහොත් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.

මේ සම්බන්ධයෙන් දහස් දැක්වූ සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති දර්ශනී ලහඳපුර කියා සිටියේ, ඒ අවට සාගර කලාපයට අපද්‍රව්‍ය බැහැර කිරීම වැලැක්වීම සඳහා පෝට් සිටි ආයතනය සමග සම්බන්ධ වී වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි.

එමෙන්ම මේ අවට ප්‍රදේශයට පැමිණෙන දේශීය සංචාරකයින්ගේ සභාපතිනිය ඉල්ලා සිටින්නේ, කොළඹ වරාය නගර marina මහජන මංතීරුව ප්‍රදේශය සහ ඒ අවට සාගර කලාපය ආරක්ෂා කර ගැනීම සඳහා වගකීමෙන් කටයුතු කරන ලෙසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now