සහල් මිල ගැන වෙළඳ ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්..!

Sri Lanka Sri Lanka Food Crisis Nalin Fernando
By Sewvandhi Oct 28, 2023 09:53 AM GMT
Report

වෙළෙඳපොළේ සහල් මිල මේ දිනවල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති අතර වෙළෙඳුන් පවසන්නේ වී මිල ඉහළයාම හේතුවෙන් මෙලෙස සහල් මිල ගණන් ඉහළ ගොස් ඇති බවයි.

මේ අතර වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසන්නේ, මිල පාලනයක් පනවා තිබියදී මෙලෙස සහල් මිල ඉහළ දැමීමට කටයුතු කරන්නේ නම් සහල් ආනයනයට පියවර ගන්නා බවයි.

"අපි සහල් සඳහා ලබාදුන්න පාලන මිල ඉක්මවා කටයුතු කරන්න සහල් නිෂ්පාදකයෝ සහ සහල් වෙළෙන්ඳෝ කටයුතු කරනවා. මේක රටේ ජනතාවට දරා ගන්න බෑ. මම දිස්ත්‍රික්කවලට ගිහින් ඉදිරියේ දී නායකත්වය දීලා මමත් අධ්‍යක්ෂවරුත් අනිවාර්යයෙන් වැටලීම් කරනවා.

ඒවා තුළින් පාලනය කරගන්න බැරි වුණොත් හාල් මිල. අපිට හාල් ආනයනය කරන්න අපිට කටයුතු කරන්න සිද්ධවෙනවා කියලා මම නිලධාරීන්ට දැනුම්දුන්නා."