ආනයනික භාණ්ඩ මිල ගැන මුදල් රාජ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්.

Dollar to Sri Lankan Rupee Ranjith Siyambalapitiya Sri Lanka Food Crisis Ministry of Finance Sri Lanka Dollars
By krishani May 29, 2023 06:09 AM GMT
krishani

krishani

in ආහාර
Report

රුපියල ශක්තිමත් වීමට සාපේක්ෂව ආනයනික භාණ්ඩ මිල සංශෝධනය වීම නිසි ආකාරයෙන් සිදුවන්නේදැයි සොයා බලන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ ය.

ඒ ඊයේ (28) දෙහිඕවිට ප්‍රදේශයේ  පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.

ඩොලර් ගැටළුව සහ විදෙස් මුදල් සංචිත ආරක්ෂා කරගැනීමේ අරමුණින් අවස්ථා කිහිපයක දී භාණ්ඩ රැසකට ආනයන සීමා පැනවීමට රජය පියවර ගනු ලැබීය.

එමෙන්ම කෘෂිකාර්මික ධීවර හා කාර්මික ඇතුලු ක්‍ෂේත්‍ර ගණනාවක නියැලෙන්නන්ගේ ඉල්ලීම්වලට අනුව මේ වනවිටත් ඇතැම් සීමාවන් ඉවත් කර ඇත.

කෙසේවෙතත්, විදෙස් සංචිතවලට බලපෑමක් සිදු නොවන පරිදි මහ බැංකුවේ නිර්නායකවලට අනුව තවදුරටත් ආනයන සීමා ලිහිල් කිරිම කෙරෙහි රජය අවධානය යොමු කරන බව ඒ මහතා කියා සිටියේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join