බේකරි නිෂ්පාදනවල මිල ගැනත් තීරණයක් ගනී..
                                    
                    Sri Lanka
                
                                                
                    Sri Lanka Food Crisis
                
                        
        
            
                
                By krishani
            
            
                
                
            
        
    ආනයනික තිරිගු පිටි මිල වැඩි කළ ද පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉහළ නොදමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
මෙරට බේකරිවලින් 75%ට වඩා වැඩි ප්‍රමාණයක් තිරිඟු පිටි මිල දී ගනු ලබන්නේ මෙරට නිෂ්පාදිත සමාගම් දෙකකින් වේ.
එම සමාගම් තම මිල ගණන් වැඩි කළහොත් පමණක් බේකරි නිෂ්පාදනවල මිල ගණන් වැඩි කරන බව එහි සභාපති එන්.කේ. ජයවර්ධන සඳහන් කළේ.
එමෙන්ම, ආනයනික තිරිඟු පිටි සම්බන්ධව සමස්ත බේකරිවලට කිසිදු ප්‍රශ්නයක් නොමැති බවත් මෙරට සමාගම් දෙකෙන් තිරිගු පිටි කිලෝවක් රුපියල් 210, 215 මිල ගණන්වලට බේකරිවලට සපයන බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  |