බේකරි නිෂ්පාදනවල මිල ගැන බේකරි හිමියන්ගේ සංගමය කියන දේ..

Sri Lanka Sri Lanka Food Crisis
By krishani Apr 08, 2023 01:51 AM GMT
krishani

krishani

in ආහාර
Report

බේකරි නිෂ්පාදනවල මිල අඩු කරන ලෙස කළ ඉල්ලීම සාධාරණ නොවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පැවසීය.

ආනයනය කළ බිත්තර රට පුරා සිටින සියළුම බේකරි හිමියන්ට  නොලැබීම එයට හේතුව ලෙස ඔවුන් දක්වයි.

කෙසේවෙතත්, තෙල් මිල, ගෑස් මිල ඇතුළු වෙළඳ භාණ්ඩ වල මිල ගනන් අඩුවීමේ වාසිය පාරිභෝගිකයන් වෙත ලබා දීම කටයුතු කරන ලෙස බේකරි හිමියන්ගෙන් ඉල්ලීමක් කරන බව එහි සභාපති.එන්.කේ. ජයවර්ධන සඳහන් කළේ ය.

ඒ ජා- ඇල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join