අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා මිල පාලනයක් හඳුන්වා දීමට නියමිතයි...

Dollar to Sri Lankan Rupee Sri Lanka Ministry of Finance Sri Lanka Ministry of Consumer Protection Gunapala Rathnasekara
By Subodha Apr 24, 2022 05:05 AM GMT
Report

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා නැවත මිල පාලනයක් හඳුන්වා දීමට පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය පියවර ගනිමින් සිටී.

පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය ගුණපාල රත්නසේකර මහතා සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා සමඟ ලබන සතියේ සාකච්ඡා කරන බවයි.

කෙසේ වෙතත්, අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම නිසා මිල පාලනය යළි හඳුන්වාදීමට බාධාවක් වී ඇති බව පවසන ආචාර්ය රත්නසේකර මහතා මුදල් අමාත්‍යවරයා සමඟ පැවැත්වෙන සාකච්ඡාවේදී ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන බවද සඳහන් කරයි.

සහල්, තිරිඟු පිටි, කිරිපිටි ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල පාලනය ඉවත් කිරීම හේතුවෙන් මහජනතාව දැඩි පීඩාවට පත්ව සිටිති.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
join now