මාසෙකට රු.6000ක්.. පාසල් දරුවන්ට ලැබෙන ජනාධිපති ශිෂ්‍යත්ව ප්‍රධානය ගැන අද ලැබුණ ආරංචිය මෙන්න..

Galle Education School Incident Presidential Update Latest Headlines
By krishani Jul 22, 2024 05:20 PM GMT
Report

අද (22) දිනයේ දී දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ දී, දැයේ දුවා දරුවන්ගේ අධ්‍යාපනයේ හෙට දවස උදෙසා ඉමහත් දායකත්වයක් සපයමින් ක්‍රියාත්මක වන ජනාධිපති අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානය - 2024 වැඩසටහන පැවැත්විණ.

මාසෙකට රු.6000ක්.. පාසල් දරුවන්ට ලැබෙන ජනාධිපති ශිෂ්‍යත්ව ප්‍රධානය ගැන අද ලැබුණ ආරංචිය මෙන්න.. | Presidential Scholarship Major

එහිදී අධ්‍යාපන කලාප 04කට අයත් සිසු දරුවන් සඳහා අධ්‍යාපන ශිෂ්‍යත්ව 4650ක් පිරිනැමුණේ ය.

ඒ අතර උසස් පෙළ දරුවන් 240ක් වෙනුවෙන් මසකට රු.6000ක් වටිනා ශිෂ්‍යත්ව සහ 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දරුවන් 4410ක් වෙනුවෙන් මසකට රු.3000ක් වටිනා ශිෂ්‍යත්ව ද බෙදා දීම සිදු විය.