පාසල් දරුවන්ට විශේෂ දැනුම්දීමක් මෙන්න - ශිෂ්‍යත්ව වැඩසටහනකට අයදුම්පත් භාර ගැනීමක් දීර්ඝ කෙරේ.. (PHOTO)

Ranil Wickremesinghe President of Sri lanka Sri Lankan Schools Education Presidential Update
By krishani Mar 17, 2024 11:46 AM GMT
Report

විවිධ ආර්ථික දුෂ්කරතා හමුවේ අධ්‍යාපනය ලබන පාසල් සිසු දරුවන්ට දිරියක් ලබාදීමේ අරමුණින් ශිෂ්‍යාධාර ලබාදීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත හා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ මග පෙන්වීම යටතේ ජනාධිපති අරමුදල මගින් ක්‍රියාත්මක කරන ජනාධිපති අධ්‍යයන ශිෂ්‍යත්ව 2024/2025 වැඩසටහනට අයඳුම්පත් භාර ගැනීම අප්‍රේල් 01 වැනිදා දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන තිබෙනවා.

පාසල් දරුවන්ට විශේෂ දැනුම්දීමක් මෙන්න - ශිෂ්‍යත්ව වැඩසටහනකට අයදුම්පත් භාර ගැනීමක් දීර්ඝ කෙරේ.. (PHOTO) | Presidential Academic Scholarship Program

ජනාධිපති අධ්‍යයන ශිෂ්‍යත්ව 2024/2025 වැඩසටහනට අයදුම්පත් භාර ගැනීම සම්බන්ධව බොහෝ දෙනාගේ ඉල්ලීම මත මෙම දීර්ඝ කිරීම සිදු කර ඇත.

ජනාධිපති අධ්‍යයන ශිෂ්‍යත්ව වැඩසටහන පිළිබඳ සියළුම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් මගින් විදුහල්පතිවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, ග්‍රාම නිලධාරීන් දැනුවත් කර තිබෙනවා.

මෙම ශිෂ්‍යත්ව වැඩසටහනට ඉල්ලුම් කිරීමට සුදුසුකම් සපුරා ඇති දරුවන්ගේ දෙමාපියන් හෝ භාරකරුවන් අදාළ පරිදි විමසීම් කර අයදුම්පත පාසලේ විදුහල්පතිතුමා වෙත භාර දෙන ලෙස ජනාධිපති අරමුදල දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා.

තවද අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් දැනටමත් ලබා දී ඇති උපදෙස් අනුව එක් එක් පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව අනුව එම පාසලට ලබාදිය හැකි ශිෂ්‍යත්ව සංඛ්‍යාව අදාළ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා විසින් තීරණය කර තම කලාපයේ විදුහල්පතිවරුන් වෙත ලබා දීමට කටයුතු කරනු ඇත.

ඒ අනුව සියලුම පාසල්වල විදුහල්පතිවරුන් විසින් තේරීම් කමිටුවක් පත් කර 2024.04.01 දිනෙන් පසුව තම පාසලට හිමි ශිෂ්‍යත්ව ප්‍රමාණය අනුව ශිෂ්‍යත්වලාභීන් තෝරා ගැනීම සිදු කළ යුතු වේ.

පාසල්වල සිදුකරන දෙයක් වහාම නවතා දමයි.. - එකවරම ගත් තීරණය මෙන්න.

පාසල්වල සිදුකරන දෙයක් වහාම නවතා දමයි.. - එකවරම ගත් තීරණය මෙන්න.


පාසල් මගින් තෝරාදෙනු ලබන සුදුසුකම්ලත් ශිෂ්‍යත්වලාභීන්ගේ නාමලේඛනය, අයදුම්පත් සහ විස්තර අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ජනාධිපති අරමුදල වෙත යොමු කිරීමෙන් අනතුරුව 2024 අප්‍රේල් මස සිට ඉදිරි මාස 12ක කාලය පුරා මෙම ශිෂ්‍යාධාර මුදල් ගෙවීමට නියමිතයි.

කෙසේ වෙතත්, මේ සම්බන්ධව වැඩිදුර තොරතුරු ජනාධිපති අරමුදලේ නිල ෆේස්බුක් පිටුව වන www.facebook.com/president.fund ඔස්සේ ලබා ගැනීමේ හැකියාව පවති.

එම නිවේදනය පහතින්,


Gallery