සිසු විරෝධය නොතකා ජනපති කැලණිය විශ්වවිද්‍යාලයට. - (VIDEO)
Ranil Wickremesinghe
University of Kelaniya
By Wayomi
කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන ආයතනයේ නව ගොඩනැඟිලි පරිශ්‍රය විවෘත කිරීම වෙනුවෙන් පැවති උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැලණිය සරසවිය වෙත ගොස් තිබෙනවා.
ඒ අනුව අද (31) පෙරවරුවේ නව ගොඩනැගිලි පරිශ්‍රය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් විවෘත කරනු ලැබුවා.
ජනාධිපතිවරයාගේ පැමිණීමට විරෝධය පළ කරමින් කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් විරෝධතාවක නිරත වුණා.
පෙරේදා රාත්‍රීයේ ඔවුන් කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගය අවහිර කරමින් සිදුකළ විරෝධතාවය විසුරුවා හැරීමට පොලීසියට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට සිදු වුණා.
සිසුන් එම ස්ථානයෙන් විසිර ගියද ඔවුන් ඊයේ සවස් වන තුරුම විශ්වවිද්‍යාල පරිපාලන ගොඩනැගිල්ලකට කිසිදු පාර්ශවයකට ඇතුළු වීමට ඉඩ ලබානොදී විරෝධතාවක නිරතව සිටියා.