රට පුරා පවුල් ලක්ෂ 20 කට ජනපති කරන්න යන දේ..සුභම සුභ ආරංචියක්..

Ranil Wickremesinghe Sri Lanka Politician President of Sri lanka
By Aruna Feb 02, 2024 05:15 AM GMT
Report

උරුමය ජාතික මෙහෙයුම් ලේකම් කාර්යාලය ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අතින් චැතැම් වීදිය, පැරණි ස්ටෑන්ඩර්ට් චාර්ටඩ් ගොඩනැගිල්ලේ දී ඊයේ (01) විවෘත කෙරිණි.

ජනතාවගේ ඉඩම් අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පය මත ගොවි පවුල් ලක්ෂ 20 ක් සඳහා නිදහස් ඔප්පු ප්‍රදානය කිරීමට රජය සැලසුම් කර තිබේ.

උරුමය වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා මෙවර අයවැය මගින් රුපියල් බිලියන දෙකක් වෙන් කර ඇති අතර, ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ ලබා දුන් ඉඩම් බලපත්‍ර සියල්ල සින්නක්කර ඔප්පු බවට පත් කර එය භුක්ති විඳි ගොවි ජනතාවට ලබා දීම මෙමඟින් සිදු කෙරේ.

මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී ප්‍රජාව වෙතින් ඉදිරිපත් වන ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබා දීම සහ අදාළ ආයතන සම්බන්ධීකරණය කරමින් මෙහෙයවීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති කාර්යාලය යටතේ “උරුමය” ජාතික මෙහෙයුම් ලේකම් කාර්යාලය ක්‍රියාත්මකය.

දීමනා ඔප්පු සම්බන්ධයෙන් පවතින ගැටළු නිරාකරණය කර ගැනීමට හා ලියාපදිංචි වීමට උරුමය ජාතික මෙහෙයුම් ලේකම් කාර්යාලයේ 0114354600-1 දුරකතන අංකය ඇමතීමෙන් හෝ http://tinyurl.com/yb98yhey විද්‍යුත් ෆොරමයෙන් ලබා ගත හැකිය.

සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් එච්.එම්.බී.පී. හේරත්, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්.එස්. සත්‍යානන්ද, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් චන්ද්‍රා හේරත්, ජනාධිපති කාර්යාලයේ සමාජ සේවා අධ්‍යක්ෂ ප්‍රියන්ත කුමාර, ඉඩම් කොමසාරිස් ජනරාල් බන්ධුල ජයසිංහ, මිණුම්පති ඩබ්ලිව්.එස්.එල්.සී පෙරේරා, රෙජිස්ට්‍රාර් ජනරාල් නලීන් සමන්ත යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය

You may like this