හිටපු ජනපතිවරුන් සම්බන්ධයෙන් ජනපති කාර්යාලය හදිසි තීරණයක් ගනී..

Chandrika Kumaratunga Mahinda Rajapaksa Maithripala Sirisena Ranil Wickremesinghe President of Sri lanka
By Aruna Jul 26, 2023 12:14 AM GMT
Report

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරුන්ට නිල නිවාසවල විදුලිය හා ජල ගාස්තු සඳහා මුදල් වෙන්කිරීම, ජංගම දුරකථන බිල්පත් වැනි ඇතැම් වරප්‍රසාද අත්හිටුවීමට ජනාධිපති කාර්යාලය තීරණය කර තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයෙකුගේ ලේකම්වරයෙකු පසුගිය මාසය සඳහා වූ බිල්පත් පෙරේදා (ජූලි 24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම තීරණය දැනුම් දී ඇති බවයි ප්‍රධාන පුවත් පතක් වාර්තා කරන්නේ.

නීතිපතිවරයාගේ උපදෙස් පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ කිසිදු බිල්පතක් ජනාධිපති කාර්යාලයෙන් පියවා නොගන්නා බව හිටපු ජනාධිපති ලේකම්වරයාට දන්වා ඇත.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දැරූ සමයේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට පිරිනැමීමට නියමිත වරප්‍රසාද සම්බන්ධයෙන් හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා ලබාදුන් තීන්දුවකට අනුව නීතිපති කාර්යාලය මෙම නියෝගය නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

තීන්දුවට අනුව හිටපු ජනාධිපතිවරුන්ට හිමිව තිබුණේ නිල නිවසක් සහ වාහන නඩත්තුව සහ ඉන්ධන සඳහා මුදල් පමණයි.