මෙතෙක් ඉතිහාසයේ විශාලතම සහනාධාර මුදල් ප්‍රමාණය දෙන බව ජනපති දැනුම්දෙයි..

Parliament of Sri Lanka Ranil Wickremesinghe Sri Lanka Politician
By Aruna Feb 07, 2024 07:25 AM GMT
Report

අඩු ආදායම්ලාභී ජනතාවට සහනයක් වශයෙන් එක් පවුලකට සහල් කිලෝ විස්සක් ලබන උත්සව සමයේදී ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළා.

මේ වර්ෂයේ අස්වැසුම හරහා ලක්ෂ 24ක ජනතාවට ප්‍රතිලාභ ලබාදීමට අපේක්ෂා කරන බවද මෙමගින් රටේ පහළම තලයේ වෙසෙන ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට හැකියාව ලැබෙන බවද ජනාධිපතිවරයා අවධාරණය කර සිටියා.

ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ, මේ සා විශාල ප්‍රමාණයක මුදල් සහනාධාරයක් ඉතිහාසයේ කිසි කලෙක ලබාදී නැති බවයි.