ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන ජනපති රනිල් ඉන්දීය නාලිකාවකට සිදු කළ අනාවරණය. - (VIDEO)
මේ දිනවල ලංකාවේ වැඩිපුර කතාවට ලක්ව ඇති ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ. ෂා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පාලනය නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශයක් ලබා දී තිබෙනවා.
ඒ, ඉන්දියාවේ ෆස්ට් පෝස්ට් වෙබ් අඩවියේ යූ ටියුබ් නාලිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදීයි.
ඊයේ ICC යට ගිහින් ආපු ශම්මි අද මාධ්‍ය ඉදිරියේ කට අරියි. - ක්‍රීඩකයින් තෝරා ගැනීම සහ අහිමි වූ ඩොලර් මිලියන 100 ගැනත් හෙළි කරයි. - (VIDEO)
පසුගියදා ශ්‍රී ලංකා හිටපු නායක අර්ජුන රණතුංග චෝදනා කළේ, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම්වරයා මෙරට ක්‍රිකට් පාලනය කරන බවයි.
ඒ, සමඟම පාර්ලිමේන්තුවේ සහ කෝප් කමිටුවේදී ද මේ සම්බන්ධයෙන් දැඩි කතාබහට ලබා වුණා.
මෙම ප්‍රකාශය ගැන ජනාධිපති වික්‍රමසිංහ කණගාටුව පල කරමින් වැඩිදුරටත් කියා සිටියේ,ඔහු ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම්වරයාට එම ගැටලුව ගැන කතා කළ බවයි.
"ඔවුන් හිතන්නේ ෂා ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට උදව් කරන බවයි. මම ෂා ට කතා කළා, කනගාටුව ප්‍රකාශ කළා ඔහුගේ නම මේ ප්‍රශ්නයට ඈඳීම ගැන..."
"මගේ ස්ථාවරය තමයි නීත්‍යානුකූල පාර්ශ්වයට මම සහාය දෙනවා. ඒ මේ කණ්ඩායම නම් ඔවුන්ට මගේ සහාය ලැබෙනවා. එසේම නීත්‍යානුකූල කණ්ඩායම අනෙක් අය නම්, මම ඔවුන්ට සහාය දෙනවා. නීත්‍යානුකූල වන්නේ තුන්වැනි කණ්ඩායමක් නම් මම සහාය වන්නේ ඔවුන්ට. එය මම නොවෙයි තීරණය කරන්නේ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින්...."
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් වීමට ඉඩ ඇති බවට තමාට තේරුම් ගිය බව ද මෙම සාකච්ඡාවේදී, ICC තහනම සම්බන්ධයෙන් අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ කියා සිටියා.