ශ්‍රී ලංකාව තුළ මෙතෙක් නොතිබූ අලුත්ම විශ්වවිද්‍යාලයක්..

Ranil Wickremesinghe Sri Lanka Asian Development Bank
By Sewvandhi Sep 30, 2022 09:07 AM GMT
Report

ලොව ඕනෑම රටක සිසුන්ට අධ්‍යයන කටයුතුවල නිරතවීමට හැකි පරිදි දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආසියානු සංවර්ධන බැංකුව වෙත යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති Masatsugu Asakawa මහතා සමග අද පෙරවරුවේ පැවති හමුවේදී ජනාධිපතිවරයා අදාළ යෝජනාව සිදුකළ බවය. පිලිපීනයේ මැනිලා නුවර ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානයේදී අද පෙරවරුවේ එම හමුව සිදුව තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පැවසුවේ පසුගිය කාලය තුළ ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවට ලබාදුන් හදිසි ආධාර පිළිබඳ සභාපතිවරයා වෙත ස්තූතිය පළකළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවතින දීර්ඝ කාලීන සබඳතා ශක්තිමත්ව ඉදිරියට ගෙනයාම පිළිබදනව අදාළ සාකච්ඡාවේදී අවධානය යොමුකර ඇති බවය.

ශ්‍රී ලංකාව සමග ඉදිරියටත් සහයෝගයෙන් කටයුතු කරන බව මසත්සුගු අසකාවා මහතා එහිදී ජනාධිපතිවරයා වෙත සහතිකයක් ලබාදී තිබේ. එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව සිදුකරන කටයුතු පිළිබඳව ද ජනාධිපතිවරයා එම සාකච්ඡාවේදී ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා දැනුවත් කිරීමට පියවර ගත් බව සදහන්වෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now