ඉන්ධන ප්‍රශ්න සම්බන්ධව ජනාධිපති ඛනිජ තෙල් ප්‍රධානීන් හමුවේ...

President Petroleum sri lanka news Sri lankan sinhala news
By Subodha Apr 16, 2022 09:34 AM GMT
Report

ඉන්ධන ප්‍රශ්නය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රධානීන් ඇතුළු අදාළ ආයතන ප්‍රධානින් සමඟ විශේෂ සාකච්ඡාවක් මේ වනවිට ආරම්භවී ඇතැයි වාර්තා වේ.

මෙම සාකච්ඡාවට ඛනිජ තෙල් සංස්ථාවට අදාල වෘත්තීය සමිති නායකයෝ පිරිසක්ද සහභාගී වෙති.

ඉන්ධන ප්‍රශ්නය විසඳීම සඳහා අදහස් හා යෝජනා ලබා ගැනීම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණවී ඇත.

නව කැබිනට් මණ්ඩලය පත් කිරීමෙන් පසු ඉන්ධන සහ ගෑස් ප්‍රශ්නය විසඳීම රජයේ ප්‍රධාන අරමුණ වී ඇතැයි ජනපති කාර්යාල ආරංචිමාර්ග වලින් පැවසේ.

විදේශ මූලාධාර ලැබුණු පසු ඉන්ධන සහ ගෑස් ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම විසඳීම රජයේ ප්‍රධාන අරමුණ බව එහි ප්‍රකාශකයෙක් පැවැසීය.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
join now