දිවයිනට පැමිණි සමන්තා පවර් සහ ජනපති අතර විශේෂ හමුවක්..

Ranil Wickremesinghe President of Sri lanka
By krishani Sep 11, 2022 05:41 AM GMT
Report

දිවයිනට පැමිණි ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුව ඇත.

එම හමුව ජනාධිපති ලේකම් කාර්යාලයේ දි මේ වන විට පැවැත්වෙන අතර මෙම අවස්ථාවට ශ්‍රි ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිත ආයතනයේ කාර්යය මණ්ඩල නියෝජ්‍ය ප්‍රධානී සොනාලි කෝඩේ මහත්මිය ද සහභාගි වී සිටියි.

දෙදින නිල සංචාරයක් සඳහා සමන්තා පවර් මහත්මිය ඇතුළු අමෙරිකානු නියෝජිත පිරිස ඊයේ (10) දිවයිනට පැමිණියේ ය.