"අස්වැසුම" ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් විශේෂ දැනුම්දීමක්..

Presidential Secretariat of Sri Lanka Ranil Wickremesinghe President of Sri lanka Sagala Ratnayaka
By Aruna Jul 19, 2023 07:08 AM GMT
Report

ජනාධිපතිවරයාගේ මගපෙන්වීම යටතේ ආරම්භ කරන ලද "අස්වැසුම" සමාජ සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවේ රාජ්‍ය නිලධාරීන්ගේ ක්‍රියාකාරී දායකත්වය අත්‍යවශ්‍ය බව ජනාධිපති ජාතික ආරක්ෂාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතා, අඩු ආදායම්ලාභී පවුල් සවිබල ගැන්වීමට සහ අසරණ ජනතාවට සහන සැලසීමට.

අඩු ආදායම්ලාභී ජනතාව නගා සිටුවීම සඳහා ගත යුතු ප්‍රතිපත්තිමය තීන්දු තීරණ නොපමාව ගත යුතු බව පැවසූ ඒ මහතා එම ප්‍රතිපත්තිමය තීන්දු නිසි ලෙස නොගැනීම නිසා පසුගිය කාලයේ ආර්ථික ගැටලු රැසකට මුහුණ දීමට රටට සිදු වූ බවද පෙන්වා දුන්නේය.

සාගල රත්නායක මහතා මෙම අදහස් පළ කළේ "අස්වැසුම" සමාජ සුබසාධන ප්‍රතිලාභ වැඩසටහනට රාජ්‍ය නිලධාරීන්ගේ සක්‍රීය දායකත්වය සම්බන්ධයෙන් ඊයේ (18) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.

"අස්වැසුම" සමාජ සුබසාධන ප්‍රතිලාභ ගෙවීමේ වැඩසටහනේ මෙතෙක් ප්‍රගතිය සමාලෝචනය කරන ලද අතර, වකුගඩු, ආබාධිත සහ වැඩිහිටි දීමනා සඳහා ලියාපදිංචි වී සිටින සියලු දෙනාට එම ප්‍රතිලාභ ලබා දෙන ලෙස සාගල රත්නායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

අඩු ආදායම්ලාභී පවුල් සඳහා ක්‍රියාත්මක කළ සමෘද්ධි සංවර්ධන වැඩසටහන වෙනුවට හඳුන්වා දුන් අස්වසුම සමාජ සුබසාධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී ප්‍රතිලාභීන් හඳුනාගැනීම විධිමත් කිරීමේ අවශ්‍යතාව රත්නායක මහතා පැහැදිලි කළ අතර ඒ සඳහා සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සහයෝගය ඉල්ලා සිටියේය.

මෙම වැඩසටහනෙන් ඉවත්ව ගිය සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් "අශ්වැසුම" වැඩසටහන සඳහා මෙතෙක් ලැබී ඇති අභියාචනා සහ විරෝධතා සමථයකට පත් කර සුදුස්සන් හඳුනා ගැනීමේ කටයුතු කඩිනම් කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් මෙම වැඩසටහන කාලෝචිත ලෙස ඉදිරියට ගෙන යාමේ වැදගත්කම ද සාගල රත්නායක මහතා පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාවට මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුපා පැස්කුවල්, වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන, සමෘද්ධි සංවර්ධන අධ්‍යක්ෂ ජනරාල් ආර්.පී.බී. තිලකසිරි සහ සමස්ත ලංකා සමෘද්ධි කළමනාකරුවන්ගේ සංගමයේ නියෝජිතයින් ද මෙම සාකච්ඡාවට සහභාගි වූහ.

ජනාධිපති මාධ්‍ය අංශය (PMD) මීට අදාල මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ.

Gallery