බන්ධනාගාර තත්ත්වය ගැන ජනපති ප්‍රධානත්වයෙන් අද විශේෂ සාකච්ඡාවක්

Anura Kumara Dissanayaka Prisons in Sri Lanka Latest Headlines Ananda Wijepala Sinhala news
By R.rishma Aug 07, 2026 09:59 AM GMT
Report

බන්ධනාගාරයන්හි පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අද (07) පස්වරුවේ පැවැත්වීමට නියමිත බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

අද (07) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, බන්ධනාගාර රැඳවියන්ගේ මෙන්ම බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු කරමින් පවතින තත්ත්වය පාලනය කිරීමට රජය කඩිනමින් පියවර ගනිමින් සිටින බවයි.

මෙවැනි සිදුවීම් ජාතික ආරක්ෂාවට බලපෑමක් නොවන බවද ඔහු අවධාරණය කළ අතර, බන්ධනාගාර පද්ධතියේ ගැටලු විසඳීම සඳහා කෙටි කාලීන සහ දිගු කාලීන වැඩපිළිවෙළ කිහිපයක් යෝජනා කර ඇති බවද පැවසීය.

ඒ අනුව, අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල කමිටුවක් ද පත් කර ඇති අතර, අදාළ සියලු පාර්ශ්වයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන අද දිනයේ විශේෂ සාකච්ඡාවේදී ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ තීරණ ගනු ඇතැයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.