ජනපතිගෙන් හදිසියේම ත්‍රිපුද්ගල පරීක්ෂණ කමිටුවක් - 31ට පෙර ලබා දෙන්න ජනපතිගෙන් නියෝග
ජපානයේ තයිසේ සමාගමෙන් කැබිනට් අමාත්‍යවරයෙකු අල්ලසක් ඉල්ලූ බවට වන ප්‍රචාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට ත්‍රිපුද්ගල පරීක්ෂණ කමිටුවක් පත්කර තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම කමිටුව පත්කර ඇත්තේ හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ඉල්ලීමකට අනුවයි. නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසා ඇත්තේ, සමාජ මාධ්‍ය ජාලා ඇතුළු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන්හි පළකර තිබූ ප්‍රවෘත්තිය පදනම් කර ගනිමින් විපක්ෂනායකවරයා පාර්ලිමේන්තුවේ දී මතුකරන ලද කරුණ පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙසටයි.
එම ඉල්ලීම කෙරෙහි අවධානය යොමු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ පිළිබඳ වහාම පරීක්ෂණයක් සිදු කර වාර්තා කිරීමටයි මෙම ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇත්තේ.
විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ජනාධිපති නීතිඥ කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ, විශ්‍රාමලත් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ නිලධාරියෙකු වූ එස්.එම්.ජී.කේ. පෙරේරා යන මහත්වරුන් පත් කර තිබෙනවා.
එසේම පරීක්ෂණ වාර්තාව මෙම මස 31 දිනට පෙර තමා වෙත ලබා දෙන ලෙසටයි ජනාධිපතිවරයා දැනුම් දී ඇත්තේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |
