කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා ජනපති ඉදිරියේ හෙළිකල රහස - මෑතකදී ලැබූ ලාභයට හේතුව..

President Covid19 Businessman Dhammika Perera
By Sewvandhi Feb 21, 2022 03:53 PM GMT
Report

මෑත කාලසීමාවේ බොහෝ කර්මාන්ත සහ ව්‍යාපාර ආයතන ලාභ ලැබීමට හේතුවූයේ කොරෝනා වසංගතය මනා ලෙස පාලනය කිරීම නිසා බව ප්‍රමුඛ ව්‍යවසායක ධම්මික පෙරේරා මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ ව්‍යවසායකයින් සහ ජනපතිවරයා අතර අද (21) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ධම්මික පෙරේරා මහතා.

"ජනාධිපතිතුමනි බොහෝම ස්තූතියි මේ කොවිඩ් මැනේජ්මන්ට් එකට. දැන් මෙතුමා කිව්ව ප්‍රොෆිට් ඔක්කොම හම්බවුනේ ඒ විදියට කොවිඩ් මැනේජ් කරපු හින්දා. මොකද ඒ විදියට කොවිඩ් මැනේජ් නොකලා නම්. ඒ කම්පනි එකකටවත් ඒ වගේ වෙන්නෙත් නෑ. ඒ වගේමයි අපිට පිටරටවල ඕඩර්ස් වැඩිපුර එන්නෙත් අනිත් රටවල් හරියට කොවිඩ් මැනේජ් නොකරපු හින්ද තමයි ඇත්තටම ඒ ඕඩර්ස් ටික ගැලවිලා ලංකාව වගේ රටකට ආවේ.

නැත්නම් මෙච්චර කලකට එහෙම තිබුනේ නෑ. එතකොට දැන් වෙන අවුරුදුවල ඉම්පෝර්ට් කරපු බිල්වල එක වැඩිවෙන්න හේතුවක් තමයි දැන් ගිය අවුරුද්දේ එහෙම බැලුවොත් මේ කම්පනි වල මැෂිනරීස් ඒ කියන්නේ ඉක්විප්මන්ට් වගේ ඒවා බිලියන 4ක පමණ ආනයනය කරලා තියෙනවා.

ඉතින් ඒක හින්දා මේ අවුරුද්දේ ඒ වගේ දේවලුත් තියෙනවා ඒක සංසන්දනය කළොත් පහුගිය අවුරුද්දත් එක්ක එතන බිලියන තුනක්. ඒ කියන්නේ ප්‍රාග්ධන භාණ්ඩ ආනයනය බිලියනයකින් වැඩිවෙලා තියෙනවා. මම හිතන්නේ ඒකෙ රිසාල්ට් එක එන්න මේ අවුරුද්දයි ලබන අවුරුද්දයි වෙයි දැන් මෙෂිනරීස් සවිකරගෙන යන හින්දා කම්පනිස්වල."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now