අවාරෙට දෙල් කන හැටි.

Sri Lanka Healthy Food Recipes
By Wayomi May 29, 2022 12:40 PM GMT
Report

ආහාර හිගයට හැමෝම ලහි ලහියේ ලෑස්ති වෙන අතරේ අදත් කියන්න යන්නේ කල්තබා ගන්න පුළුවන් ආහාරයක් ගැනයි. හෙළයන්ගේ ශක්තිය හීන කරන්න හිතාගෙන ලන්දේසින් ලංකාවට ගෙනාපු දෙල් මේ දවස්වල ගස් යට නිකන් වැටි වැටී යනවනේ. ඉතින් මේවා අපතේ යවන්නේ නැතුව කාලයක් තියාගෙන කන්න. නැති කාලෙට ගොඩක් වටිනවා.

සාදාගන්න ආකාරය

- හොදින් පැසුනු දෙල් තෝරා ගන්න.

- පිට පොත්ත සාමාන්‍ය පරිදි සූරා ගන්න.

- ගෙඩිය පිටින් විනාඩි 20 ක් පමණ තම්බා ගන්න.

- පෙති ලෙස හෝ තීරු ලෙස කපා ගන්න.

- හොදින් අව්වේ වේලා ගන්න.

- සුලන් නොවදින ලෙස වීදුරු බෝතල් වල අසුරාගන්න.