පිටි මිල ඉහළට.. තෙල් මිල වාර්තාගත ලෙස පහළ බසී..

Sri Lanka Businessman Fuel Price In World
By Aruna Sep 26, 2022 03:46 AM GMT
Report

කිලෝග්‍රෑම් 50 ක තිරිඟු පිටි මිටිය වෙළෙඳපොළේ රුපියල් 21,000ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

පවතින තත්ත්වය යටතේ ග්‍රාමීය ප්‍රදේශවල බේකරි රැසක් වැසී ගොස් ඇති බව එහි සභාපති එන්.කේ.ජයවර්ධන පැවසුවේය.

මේ අතර, ඇණවුම් කළ තිරිඟු පිටි තොග දිවයිනට ලැබීමත් සමග පිටි මිල අඩුකිරීමට හැකිවනු ඇතැයි වෙළෙඳ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කළා.

මේ අතර ලෝක වෙළඳපොළේ තෙල් මිල වසරේ මේ දක්වා ලෝක වෙළෙඳපොළන් වාර්තා වූ අඩුම බොරතෙල් මිල මේ වනවිට වාර්තා වී තිබෙනවා.

ලෝක වෙළඳ පොළේ, ඩබ්ලිව් ටි අයි බොරතෙල් බැරලයක මිල දැක්වුණේ අමෙරිකානු ඩොලර් 78ක් ලෙසයි.

බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 86ක් දක්වා පහල ගොස් තිබේ.

සති දෙකකට වරක් මිල සුත්‍රය අනුව ඉන්ධන මිල සන්ශෝධනය කිරිමට නියමිතව තිබුණ ද අවසන් වරට මෙරට ඉන්ධන මිල පහත හෙලණු ලැබුවේ පසුගිය ජුලි 17වනදායි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now