පිටි මිල වැඩිවීම ගැන වෙළඳ ඇමතිගෙන් ප්‍රකාශයක්..

Sri Lanka Economy of Sri Lanka Businessman Nalin Fernando
By Aruna Sep 05, 2022 07:26 AM GMT
Report

රට තුල මේ මොහොත් තිරිඟු පිටි මිල වැඩිවීමට කිසිඳු හේතුවක් නැතැයි වෙළඳ හා පාරිභෝගික සුරක්‍ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

එනිසා පැවති මිලටම පිටි අලෙවි කල යුතු බවත්, එසේ නොකරන්නන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව දැනුම් දී ඇති බවත් ඔහු කියා සිටියා.

මේ අනුව මාසයකට අවශ්‍ය පිටි නිෂ්පාදනයට තිරිඟු තමන් සතුව ඇතැයි පිටි සමාගම් පැවසූ බවත්, තුර්කිය සහ ඩුබායි වෙතින් තවත් තිරිගු ඇනවුම් කර බවත්, ඒවා මෙම මස 15 වැනිදා වන විට මෙරටට ලැබෙන බව ඔවුන් පැවසූ බවත්, ඇමතිවරයා පැවසීය.

එනිසා ඉදිරියේදී පිටි හිඟයක් ඇති නොවන බවත්, තිරිඟුවලින් පිටි නිෂ්පාදනයේ දී වියදම වැඩිවීමක් හෝ අතිරේක වියදම් එක් වීමක් සිදුව නැති නිසා පිටි හිඟයක් ඇතිවූ පමණින් මිල වැඩිවිය නොහැකි බව ද ඇමතිවරයා වැඩි දුරටත් අවධාරණය කරයි. සිය කාර්යාලයේදී මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now