09 වැනිදා ගිනිතැබිම් පසුපස භික්‍ෂූන් හා පියතුමන්ලා.. ඇමති ප්‍රසන්න රණතුංග රණතුංග ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

Go Home Gota Galle Face Protest Prasanna Ranatunga SL Protest
By Sithumi Jun 12, 2022 11:57 AM GMT
Report

09 වැනිදා ගිනිතැබිම් පසුපස භික්‍ෂූන් හා පියතුමන්ලා.. ඝන්ඨාරෙ ගහලයි කෝලහල සංවිධානය කලේ… පසුගිය මැයි 09 වැනිදා සිදුවූ නිවාස ගිනි තැබීම ඇතුළු කළහකාරී සිදුවීම් පිටුපස ඇතැම් ආගමික නායකයන් සිටි බවටත් ඔවුන්ගේ අනුබලය හිමිවූ බවටත් තමන් කළ ප්‍රකාශය කිසිසේත් ඉල්ලා අස් කර නොගන්නා බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කළේය. හෘද සාක්ෂියට එකඟව කතාකරන තමන් කිසි විටෙකත් ජාතිවාදය හෝ ආගම්වාදය ඇඳගෙන දේශපාලනය නොකරන බවද ඔහු සඳහන් කළේ

. ඉකුත් 9 වැනිදා කළහකාරීන් විසින් ගිණිතබා විනාශ කරන ලද ගම්පහ, උඩුගම්පොළ පිහිටි සිය නිවසට ඊයේ (11) පැමිණි අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය. මෙම අවස්ථාවට අමාත්‍යවරයාගේ බිරිඳ සහ දරුවන් ඇතුළු පිරිසක් සහභාගී වූ අතර ගිණිබත්වූ නිවස පරික්ෂා කිරීමේදී අමාත්‍යවරයා සංවේදීව කඳුළු සැළීය. අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද පැවසීය. “මගේ ගෙදර රජයේ වාහන දෙකක් තිබුණා. පාර්ලිමේන්තුවේන් මට ලැබුණු බඩු භාහිරාදිය වගේම කැබිනට් පත්‍රිකා තිබුණා. ඒ සියල්ලම විනාශ වූණා

මේක මගේ තාත්තාගෙන් ලැබුණු ඉඩම. 88/89 භීෂණ කාලේ මේ ගෙදර නිසා විශාල පිරිසකගේ ජීවිත බේරුණා. අදටත් මේ ගෙදර දරු දැරියන් වෙනුවෙන් නොමිලයේ පංති පැවැත්වෙනවා. ඒ සියල්ලම නැති වෙලා. බලයට කෑදර යම් යම් පිරිස් මැයි 9 වැනිදා මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිණිතියමින් රටේ භීෂණයක් මතු කළා. මේ ගිණි තැබීම් පිටුපස කුඩු ජාවාරමට සම්බන්ධ පිරිස් ඉන්නවා. ඒ සම්බන්ධ සියලුම තොරතුරු පොලීසියට ලබා දීලා තියෙනවා

. ගෙවල් ගිණි තියලා අපේ දේශපාලනය නවත්තන්න බෑ. මේක පන්නරයක් කරගෙන ශක්තිමත්ව මම ඉදිරියටත් දේශපාලනය කරනවා. මේ වැරදි කරපු අයට නීතියෙන් වගේම ස්වභාව ධර්මයෙනුත් දඬුවම් ලැබේවි. ඒ දිහා බොහොම උපේක්ෂාවෙන් බලාගෙන ඉන්නවා. මේ ගිණි තැබීම් පිටුපස සමහර හාමුදුරුවෝ වගේම සමහර පියතුමන්ලත් හිටියා. මීගමුවේ ව්‍යාපාරික කාන්තාවක් ඒ පියතුමාගේ නමත් කිව්වා.

ඝාන්ඨාරය ගහලා මිනිස්සු කැඳවලා කෝලහාල කරපු හැටිවගේම පියතුමා මැදිහත් වෙලා ඒ මිනිස්සුන්ට ඇප දීපු හැටිත් ඒ ව්‍යාපාරික යුවල කිව්වා. මගේ ගෙදර ගිණි තියන්න දවස් කීපයකට කලින් පියතුමන්ලා තුන්දෙනෙක් ඇතුළු පිරිසක් පෙළපාලියේ ඇවිල්ලා ගෙදර ඉස්සරහ මල්වඩමක් තියලා ගියා. ගෙදර ගිණි තියන්න මහාචාර්ය හාමුදුරු නමක් ඇතුළු පිරිසක් ආවා. සමහරු ආගමික නායකයන්ට දොස් නගන්න බයයි. මම බොරු කියන්නේ නැහැ. මම කතා කරන්නේ මගේ හෘද සාක්ෂියට එකඟවයි. ඒ නිසා මට කිසිම බයක් නැහැ. මැයි 9 වැනිදා සිද්ධිය ගැන මම කියපු කතා ප්‍රතික්ෂේප කරන බව සිරිල් ගාමිණී පියතුමා කියලා තිබුණා. ඒ කතාව ප්‍රතික්ෂේප කරන්න එපා, හොයලා බලන්න. මම දැන් කතා කරන්නේ සාක්කි ඇතිවයි. මම දැක්ක සිරිල් ගාමිණී පියතුමා වේදිකාවේ තියාගෙන ඕමල්පේ සෝභිත හාමුදුරුවෝ කියනවා 21වැනි ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව ඡන්දය දෙන මන්ත්‍රීවරුන්ට කදුළු සලන්න වෙයි කියලා. මහාසංඝරත්නයට දානය දෙන්නේ සාමාන්‍ය පුරවැසියෝ. ඒ දානය වළඳන හාමුදුරු නමකට මෙහෙම කියන්න පුළුවන්ද?.

මිනී මරන්න, මිනිසුන්ට හිරිහැර කිරීම ගැන ආගමික නායකයෝ වේදිකාවල කතා කරනවා. රට සන්සුන් කරන්න ඉන්න ආගමික නායකයෝ රට ගිනි තියලා හරි යනවද? මම විවාහවෙලා ඉන්නේ දෙමළ ජාතික, ක්‍රිස්තියානි ආගමේ කාන්තාවක්. ඒ නිසා මට ජාතිවාදය , ආගම්වාදය අවුස්සන බවට චෝදනා කරන්න බෑ. ජාතිවාදය ,ආගම්වාදය ඇදගෙන මම කවදාවත් දේශපාලනය කරල නැහැ. කරන්නෙත් නෑ.”