මාර්ග තදබදයට ආ අලුත් විසදුම - නව මගී බෝට්ටු සේවාව..

Colombo Sri Lanka Prasanna Ranatunga
By krishani Sep 25, 2022 06:32 AM GMT
Report

කොළඹ නගරයේ දෛනිකව ඇතිවන මහාමාර්ග තදබදයට විසඳුමක් ලෙස බත්තරමුල්ල දියත උයන සහ අග්ගොන හීනටිකුඹුර සිට වැල්ලවත්ත දක්වා සූර්ය පැනල මගින් ක්‍රියාත්මක වන මගී බෝට්ටු සේවාවක් ආරම්භ කර ඇත.

ඉදිරියේ දි කොළඹ නගරයේ අභ්‍යන්තර ජල මාර්ගවල මෙවැනි බෝට්ටු සේවාවන් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේ ය.

බත්තරමුල්ල දියත උයන සහ හීනටිකුඹුර සිට වැල්ලවත්තට⁣ මෙම බෝට්ටු මගින් විනාඩි 30ක් ඇතුළත ලඟාවීමට හැකියාව පවතින බවත් බත්තරමුල්ල සිට වැල්ලවත්ත දක්වා එක් පුද්ගලයකුගෙන් රුපියල් 200ක මුදලක් අය කෙරෙයි.

අග්ගොන, හීනටිකුඹුර සිට වැල්ලවත්ත දක්වා එක් පුද්ගලයකුගෙන් රුපියල් 300ක මුදලක් අය කෙරෙන අතර දිනපතා කාර්යාල වේලාවන්හි දී මෙම බෝට්ටු සේවය ක්‍රියාත්මක වේ.

එක බෝට්ටුවක පුද්ගලයන් 8 දෙනෙකුට ප්‍රවාහන පහසුකම් සැපයීමේ හැකියාව පවතින බවත් බත්තරමුල්ල හා ඒ අවට රජයේ හා පුද්ගලික කාර්යාල, නාවල විවෘත විශ්ව විද්‍යාලය, 176, බස් මාර්ගය, 138 සහ 122 බස් මාර්ග, වැල්ලවත්ත දුම්රිය ස්ථානයට මෙම බෝට්ටු සේවය මගින් පහසුවෙන් ළඟාවීමට හැකියාව පවතියි.