ඇමති ප්‍රසන්න අධිකරණයේදී වරදකරු වෙයි - සිර දඬුවම් නියම වෙයි..!

Sri Lanka Politician Sri Lanka Sri Lanka Magistrate Court Prasanna Ranatunga
By Sewvandhi Jun 06, 2022 10:40 AM GMT
Report

ව්‍යාපාරිකයෙකුට තර්ජනය කිරීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුවකට අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වරදකරු බව කොළඹ මහාධිකරණය විසින් තීන්දු කර තිබේ.

ප්‍රසන්න රණතුංග මහතාට වසර 5කට අත්හිටවූ වසර දෙකක සිර දඬුවමක් කොළඹ මහාධිකරණය විසින් නියම කර තිබේ. රුපියල් මිලියන 25ක දඩ මුදලක් ගෙවන ලෙසට ද නියෝග කෙරුණා. ව්‍යාපාරිකයෙකුට දුරකථනයෙන් තර්ජනය කර රුපියල් මිලියන 64ක් ඉල්ලා සිටි බවට අමාත්‍යවරයාට චෝදනා එල්ල විය.

2015 අප්‍රේල් 6 වැනිදා සිට 2015 ජුනි 2 වැනිදා දක්වා කාලය තුළ වැරදි සිදුකිරීමේ චෝදනා මත එවකට බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග, ඔහුගේ බිරිඳ මොරීන් රණතුංග සහ නරේෂ් කුමාර් ෆරීක් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා 15ක් යටතේ අධි චෝදනා ගොනු කළේය.

ජෙරාඩ් මෙන්ඩිස් නැමති ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර රුපියල් ලක්ෂ 10 ක මුදලක් ඉල්ලා සිටි බවටයි මෙම තිදෙනාට චෝදනා එල්ල වී තිබුණේ. කොළොන්නාව මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක අනවසර පදිංචිකරුවන් ඉවත් කර නැවත ගොඩ කිරීමට රුපියල් මිලියන 64ක්


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now