රටම කළඹපු ආන්දෝලනාත්මක කවුද මේ 'සොනික් සොනික්' කියන්නේ?. තොරතුරු රැසක් එළියට..
යළිත් කරළියට ආ මාතෘකාවක් වූයේ සොනික් සොනික්' යන යෙදුමයි.
ඒ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදු වූ කාල වකවානුවේ දී මෙන්ම පසුගිය දා බ්‍රිතාන්‍ය චැනල් 4 නාලිකාව මගින් විකාශනය වු වීඩියෝව නිසාත් මෙම යෙදුම යළිත් කරළියට ආවේ ය.
මේ දිනවල ජන මාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ මේ යෙදුම නිතර ව්‍යවහාර වන අතර සාමාන්‍ය සමාජයේ ද බොහෝ දෙනාගේ කුතුහලය දනවන යෙදුමකී.
මේ සම්බන්ධයෙන් (21) වන දා පාර්ලිමේන්තුවේ දී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් විසින් අදහස් දැක්වීමක් සිදු කළේ ය.
එහිදි අමාත්‍යවරයා කියා සිටියේ, "සොනික් සොනික්" යන්න අන්වර්ථ නාමයක් බවයි.
එනම් 'සොනික් සොනික්' යනු රාජ්‍ය බුද්ධි අංශ නිළධාරියෙකු වන අතර ඔහු අන්තවාදී කණ්ඩායමක ත්‍රස්තවාදියෙකු ලෙස පෙනී සිටිමින් අප බුද්ධි අංශ වලට අන්තවාදීන් ගැන නිරන්තර තොරතුරු සැපයූ නිලධාරියෙකු බවයි.
එමෙන්ම 'අබුහින්ද්' යන නාමය ද විදේශීය බුද්ධි අංශ විසින් අන්තර්ජාල මෘදුකාංග ඔස්සේ අන්තවාදි කණ්ඩායම් හා සම්බන්ධ වී තොරතුරු ලබා ගැනීමට භාවිතා කළ අන්වර්ථ නාමයක් වේ.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, තමා අකමැත්තෙන් වුවත් මෙලෙස බුද්ධි අංශ තොරතුරු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඇතැම් වගකීම් විරහිත ප්‍රකාශයන් හා ක්‍රියාවන් නිසා බවයි.