මාධ්‍යවේදී ප්‍රදීප් එක්නැලිගොඩ ඝාතනය සම්බන්ධයෙන්, හමුදා බුද්ධි අංශ සමාජිකයන් 9ට ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් ලබා දුන් විශේෂ නියෝගයක්..!
 මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ බලහත්කාරයෙන් අතුරුදන් කිරීම සහ ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ ඇප මත නිදහස්ව සිටින හමුදා බුද්ධි අංශ සාමාජිකයින් 9 දෙනෙකු ජුනි මස 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
විත්තිකරුවන් ලෙස නම් කර ඇති හමුදා බුද්ධි නිලධාරීන් 9 දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සිකුරාදා (3) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කරනු ලැබීය.
අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ උපුල් කුමාරප්පෙරුම මහතා අධිකරණයට දන්වා සිටියේ අධිකරණයේ සාක්‍ෂි දීමට පෙනී සිටි සුමතිපාල සුරේෂ් නැමැති සාක්‍ෂිකරු පසුගිය අධිකරණ සැසිවාරයට නොපැමිණි බවත්, පසුව ඔහු අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තු නිකුත් කළ බවත්ය. .
සාක්ෂිකරුට බලපෑම් එල්ල වන බව පෙනී යන බැවින් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය. පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දන්වා සිටියේ නඩුවේ සාක්‍ෂිකරුවන්ට බලපෑම් එල්ල වන බවට තමන්ද සටහන් කරන බවත්, ඒ පිළිබඳව සොයා බලන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටින බවත්ය. ඉන් අනතුරුව සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව නඩුව ජුනි මස 13 වැනිදාට කල් තැබුණා.
2019 නොවැම්බරයේදී කොළඹ ස්ථීර නඩු විභාගයේදී හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට අධිචෝදනා ගොනු කළ අතර මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ බලහත්කාරයෙන් අතුරුදන් කිරීම සහ ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ගොනු කළේය.
2010 ජනවාරි 24 සහ 27 අතර කාලය තුළ ගිරිතලේ, කොස්වත්ත සහ බත්තරමුල්ල ප්‍රදේශවලදී පැමිණිල්ලේ නොදන්නා අය සමඟ කුමන්ත්‍රණය කිරීම සහ ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන යාම සම්බන්ධයෙන් විත්තිකරුවන් 09 දෙනාට එරෙහිව මෙම අධිචෝදනා ගොනු කර තිබේ.
අධිචෝදනා භාරදීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මීට පෙර ලබාදුන් ඇප මත ඔවුන් මුදා හැරීමට ස්ථීර මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේය. විත්තිකරුවන්ට විදෙස් ගමන් තහනමක් පැනවූ අතර ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාරදෙන ලෙසද නියෝග කෙරුණා.
චූදිතයන් වන්නේ ලුතිනන් කර්නල් ෂම්මි අර්ජුන් කුමාරරත්න, ආර්.එම්.පී.කේ. රාජපක්ෂ නොහොත් නාදන්, ඩබ්ලිව්.වී.ප්‍රියන්ත දිලංජන් උපසේන හෙවත් සුරේෂ්, සෙනෙවිරත්න මුදියන්සේලාගේ රවීන්ද්‍ර රූපසේන හෙවත් රංජි, යාපා මුදියන්සේලාගේ චමින්ද කුමාර අබේරත්න, සෙනෙවිරත්න මුදියන්සේලාගේ කණිෂ්ක ගුණරත්න, අයියසාමි ටී.බාලසුබ්‍රමනියම්, ටී. බාලසුබ්‍රමනියම්. පීරිස්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |