ෂූටින් නිසා මම දවස් 41ක් එළිවෙනකම් නිදිවැරුවා, රංගන ශිල්පිනියක් වගේම මම වෘත්තියෙන් ගුරුවරියක්-ප්‍රබෝධිනී චන්ද්‍රසේන

By Sithumi Mar 02, 2023 05:20 PM GMT
Report

ඉන්දික ෆර්ඩිනැන්ඩුගේ දෙවැනි සිනමා නිර්මාණය වන ‘වෙඩි නොවදින ළමයි’ සිනමා නිර්මාණය හරහා කළා ක්ෂේත්‍රයට දොරටු විවර කරගත් දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී රංගන ශිල්පිනියක් තමයි ප්‍රබෝධිනී චන්ද්‍රසේන කියලා කියන්නේ. ඒ වගේම ඇය මෙම නිර්මාණයේ තාරුකාගේ චරිතයට තමයි රංගනයෙන් දායක වෙන්නේ..

ඉතින් ඒ ගැන වගේම ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරන්න පහුගිය දවසක පුවත්පතක් විසින් ඇයව කතා බහට එකතු කරගෙන තිබුණා. ඉතින් ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ සහ කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක්.

ඒ වගේම දැනට වෘත්තීයමය වශයෙන් ගුරුවරියක් විදිහට සේවය කරනවා කියලයි ඇය කියන්නේ. ඉතින් ඇයට මේ චරිතය ලැබිලා තියෙන්නේ සරසවියෙන් ඉවත්වෙනවත් එක්කමයි. කැම්පස් එකේ සර් කෙනෙක් තමයි ඇයට මේ අවස්ථාව අරගෙන දීලා තියෙන්නේ. ඒ වගේම ඇයගේ රංගනය වෙනුවෙන් ලැබෙන ප්‍රතිචාර ගොඩක් හොඳයි කියලත් ඇය කියනවා. මොකද ඇයත් හිතුවේ නැහැලු ඒ වගේ ප්‍රතිචාර ලැබේවි කියලා.