මෙරට ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලෝක වාර්තාවක් තබයි..
සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ අවසන් දිනය අදට යෙදී තිබෙනවා.
ඊයේ දිනට තරගය නතර කරන විට සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි අයර්ලන්ත කණ්ඩායම කඩුළු 2ක් දැවී ලකුණු 54ක් රැස් කළා.
දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම සඳහා ශ්‍රි ලංකා කණ්ඩායම කඩුළු 03කට ලකුණු 703ක් ලබා සිටියදී ඉනිම අත්හිටු විය.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී කණ්ඩායමක් විසින් ටෙස්ට් ඉනිමක වාර්තාකළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස මෙය වාර්තා අතරට එක් විය.
මේ අතර ප්‍රභාත් ජයසූරිය ලොව වේගවත්ම ටෙස්ට් කඩුලු 50ක් දවාගත් දඟ පන්දු යවන්නෙකු ලෙසත් වේගවත්ම ටෙස්ට් කඩුලු 50ක් දවාගත් ශ්‍රී ලංකා පන්දු යවන්නා ලෙසත් වාර්තා අතරට එක් වී තිබෙනවා.
ඒ මේ වන විට ගාල්ලේදී පැවැත්වෙන අයර්ලන්තය සමග වන ටෙස්ට් තරගයේදී කඩුල්ලක් දවා ගැනීමත් සමගයි.
ඔහු විසින් මෙලෙස බිඳ දමන්නේ වසර 71ක් පැරණි ක්‍රිකට් වාර්තාවක් වීමද විශේෂත්වයක්.
මීට පෙර 1952දී බටහිර ඉන්දීය කොදෙව් දඟ පන්දු යවන ක්‍රීඩක ඇල්ෆ් වැලන්ටයින් මෙම වාර්තාව බිහි කර තිබුණා.
ඒ, තරඟ 8කින් කඩුලු 50ක් බිඳ හෙළමින්. ප්‍රභාත් ජයසූරිය අද වාර්තා පොත් අතරට එක් වූයේ ටෙස්ට් පිටියේ අඩුම තරඟ සංඛ්‍යාවකින් කඩුලු 50ක් බිඳ හෙලූ පන්දු යවන්නන් අතර 2වන ස්ථානයේ සම තැනට පත් වෙමින්.
අඩුම තරඟ සංඛ්‍යාවකින් කඩුලු 50ක් බිඳ හෙලූ ලෝක වාර්තාවට හිමිකම් කියන්නේ ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක චාලි ටර්නර්.
ඔහු 1888 දී තරඟ 6කින් ටෙස්ට් කඩුලු 50ක් බිඳ හෙළා තිබුණා. එමෙන්ම, ප්‍රභාත් ජයසූරිය අද තවත් වාර්තාවක් බිහි කළා.
ඒ, අඩුම තරඟ සංඛ්‍යාවකින් ටෙස්ට් කඩුලු 50ක් බිඳ හෙළූ පළමු ශ්‍රී ලාංකික පන්දු යවන්නා බවට පත් වෙමින්.
ඔහු මෙලෙස බිඳ හෙලුවේ තරඟ 11කින් ටෙස්ට් කඩුලු 50ක් බිඳ හෙලූ දිල්රුවන් පෙරේරා පිහිටුවා තිබූ වාර්තාවයි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |