හෙට විදුලි කප්පාදුව සිදු කරන අයුරු

Power cut Sri Lanka Sri Lanka Power Cut Today Sri Lanka Electricity Prices
By Sithumi Jul 26, 2022 01:45 PM GMT
Report

හෙට (27) දිනයේදී පැය 03ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබෙනවා.

ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W යන කලාප සඳහා පෙරවරු කාලයේදී පැය 1යි විනාඩි 40 කාලයක් විදුලිය විසන්ධි කිරීමට නියමිතයි.

එම කලාප සඳහා පස්වරු කාලයේදී පැය 01යි විනාඩි 20ක් විදුලිය විසන්ධි කිරීමට සැලසුම් කර තිබෙනවා. CC කලාප සඳහා පෙරවරු 6 සිට පෙරවරු 8.30 දක්වා පැය 2යි විනාඩි 30 විදුලි කප්පාදුවන් සිදුවනවා.

මේ අතර M, N, O, X, Y, Z කලාප සඳහා පෙරවරු 5.30 සිට පෙරවරු 8.30 දක්වා පැය 3ක විදුලි කප්පාදුවන් සිදුකිරීමට නියමිතයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now