හෙට දිනයේ (3/17) විදුලි කප්පාදුව සිදු වන්නේ මෙහෙමයි...
Sri Lanka
Norochchole
Sri lanka electricity board power cut
Dapugaskanda
By Sewvandhi
හෙට (17) දිනයේ A සිට L දක්වා කලාප 12 ට පැය තුනයි විනාඩි 15 ක් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
එමෙන්ම P සිට W දක්වා කලාප අටකට හෙට පස්වරුවේ පමණක් පැය 2 ක් විදුලිය කප්පාදු කරන බවයි එම මණ්ඩලය පැවසුවේ.
ඒ අනුව A සිට L දක්වා කලාප 12 කට පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා දහවල් කාලයේ පැය 2 ක් ද, පස්වරු 5.00 සිට රාත්‍රී 10.00 දක්වා පස්වරුවේ පැයයි විනාඩි 15 ක් ද, විදුලිය කප්පාදු කරනු ඇති.
එමෙන්ම P සිට W දක්වා කලාප අටට පස්වරු 5.00 සිට රාත්‍රී 11.00 දක්වා පස්වරු කාලයේ පැය 2 ක් විදුලිය කප්පාදු කරන බවයි එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.
ඒ අනුව එය අද දිනයට සාපේක්ෂව පැය භාගයක අඩුවීමකට යටත් විදුලි කප්පාදුවක් වනවා. හෙට දිනයේ විදුලි කප්පාදුව සිදුවන සාරාංශ සටහන පහත පරිදි වනවා…
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |