අද දිනයේ (2/18) විදුලිය විසන්ධි කෙරේ..සිදු කරන වෙලාව මෙන්න..
අද දින සිට වරින් වර දෙවරක් විදුලිය කප්පාදු කිරීමට සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.
ඒ අනුව සවස 2.30ත් 6.30ත් අතර පැයක කාලයකුත් සවස 6.30ත් රාත්‍රී 10.30ත් අතර පැයක කාලයකුත් විදුලිය කප්පාදු කෙරෙන බව එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා වැඩිදුරටත් පැවසීය.
අනිවාර්ය විදුලි කප්පාදුවකට යා යුතු බව හා ඊට අදාළ ක්‍රමවේදය ද ප්‍රකාශයට පත් කරන බව යි මීට පෙර මහජන උපයෝගීතා කොමිසම පැවසුවේ.
මේ අතර, ඉන්ධන නො මැතිකම හේතුවෙන් විදුලි උත්පාදනය ඇණහිටි කැලණිතිස්ස සොජිට්ස් බලාගාරය තවත් ප්‍රකෘති තත්ත්වයට පැමිණ නෑ.
මේ අතර ඉන්ධන සඳහා පනවා ඇති බදු ඉවත් කරන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගෙන් අද දිනයේ ලිඛිත ඉල්ලීමක් සිදුකළ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කළා.
ඔහු මේ බව සඳහන් කළේ පවතින තත්වය පිළිබඳව පැහැදිළි කිරීම සඳහා කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |