අද රාත්‍රියේ විදුලිය කැපෙන වේලාවන්
දිවයිනේ ප්‍රදේශ කිහිපයක මේ වනවිට විදුලිය විසන්ධි වී තිබේ. මේ අතර විදුලිබල මණ්ඩලය පවසන්නේ කැලණිතිස්ස බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රවලින් සැපයුම තවමත් යථා තත්ත්වයට පත්කර ගැනීමට නොහැකිවීම හේතුවෙන් විදුලිය විසන්ධිවීමට ඉඩ ඇති බවය.
ඒ අනුව අවශ්‍යතාව පරිදි පස්වරු 6.00 සිට රාත්‍රී 7.45 දක්වාත් රාත්‍රී 7.45 සිට රාත්‍රී 9.30 දක්වාත් දිවයිනේ ප්‍රදේශ කිහිපයක එලෙස විදුලිය විසන්ධි විය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය දැනුම්දෙයි..
දිවයිනේ පිහිටා ඇති සියලුම විදුලි බලාගාරවල විදුලි ජනන කටයුතු සඳහා මේ වනවිට ප්‍රමාණවත් පරිදි ඉන්ධන නොලැබීම හේතුවෙන් විදුලි කප්පාදුවකට යොමු වීමට සිදුවන බව විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමයේ කමිටු සාමාජික එරංග කුඩාහේවා පැවසුවා.
විදුලි බලාගාරවල උපරිම ධාරිතාව ඉක්මවා යමින් පවතින අතර, එහි සමබරතාව රැක ගැනීම වෙනුවෙන් මෙම තීරණයට එළඹීමට සිදුව ඇති බවයි හෙතෙම කියා සිටියේ.
එමෙන්ම තවමත් ඊයේ දින (18) ඩීසල් සහ නැප්තීන් සැපයීමට නොහැකි වූ බැවින් කැළණිතිස්ස බලාගාරය සහ සපුගස්කන්ද තෙල් පිරිපහදු මධ්‍යස්ථානයේ දෛනික වැඩ කටයුතු අක්‍රීයතාවයේ පවතින බව ද විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමය පවසනවා.
දෛනිකව විදුලිය උත්පාදනයට අත්‍යවශ්‍ය කරන ඉන්ධන නොලැබීම හේතුවෙන් විදුලි කප්පාදුවකට එළඹෙමින් හෝ එම ක්‍රියාවලිය යම් තරමකට හෝ ආරක්ෂා කරගත යුතු බවයි හෙතෙම පෙන්වා දෙන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |