හෙට (14) දිනයේත් පැය 7ක විදුලි කප්පාදුවක්..?

Sapugaskanda CBL sri lanka electricity board power cut Norochchile
By Sewvandhi Mar 13, 2022 02:05 PM GMT
Report

හෙට (14) දිනයේ පැය 07ක විදුලි කප්පාදුවක් කිරීමට සිදුවනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව A,B,C,D,E,F, යන කලාප සඳහා සවස 1 සිට  සවස 6 දක්වා පැය 5ක් සහ සවස 8 සිට රාත්‍රි 10 දක්වා පැය 2ක විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.

G,H,I,J,K,L කලාප සඳහා උදෑසන 8 සිට සවස 1 දක්වා පැය 5ක් සහ සවස 6 සිට රාත්‍රි 8 දක්වා පැය 2ක් ද විදුලිය කප්පාදු සිදුකිරීමට නියමිත බව සඳහන්ය.

එමෙන්ම T,U,V,W යන කලාප සඳහා උදෑසන 8 සිට සවස 1 දක්වා පැය 5ක කාලයක් හා සවස 6 සිට රාත්‍රි 8 දක්වා පැය 2ක කාලයක් ද

P,Q,R,S යන කලාප සඳහා සවස 1 සිට සවස 6 දක්වා පැය 5ක් සහ රාත්‍රි 8 සිට රාත්‍රි 10 දක්වා පැය 2ක් ද විදුලි කප්පාදුවක් සිදුකිරීමට ද නියමිත බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now