අදත් (3/6) පැය තුනකට ආසන්න විදුලි කප්පාදුවක්..!
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අදත් පැය දෙකයි විනාඩි 30ක කාලයක් විදුලිය කප්පාදු කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම මගින් ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබා දී තිබෙනවා.
ඒ අනුව AB සහ C කලාපවලට පමණක් අද දිනයේ කප්පාදුව සිදු කෙරෙනු ඇති. ඉරිදා දිනයක් වන අද දහවල් කාලයේ මෙගාවොට් 1650 ක විදුලි ඉල්ලුමක් අපේක්ෂා කෙරෙන අතර සවස් කාලයේ මෙගා වොට් 1550ක විදුලි ඉල්ලුමක් අපෙක්ෂා කරන බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළා.
අද රාත්‍රී කාලයේ අපේක්ෂිත විදුලි ඉල්ලුම මෙගාවොට් 2350 ක්. පවතින තත්වය මත තවදුරටත් අරපිරිමැස්මෙන් විදුලිය භාවිත කරන ලෙස මහජන උපයෝගීතා කොමිසම ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
මේ අතර විදුලිය කප්පාදුව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද පැවත්වීමට නියමිතයි. ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමනී මහතා කියා සිටියේ ලංකා විදුලි බල මණ්ඩලයල මහජන උපයෝගීතා කොමිසම සහ ලංකා ඛණිජ තෙල් සංස්ථාව ඇතුලු විදුලි ජනනයට අදාළ අංශ සමග එම සාකච්ඡාව පැවැත්වෙන බවයි.
ඉදිරියේදී විදුලිය ලබා දෙන ආකාරය සම්බන්ධයෙන් එහිදීතීරණය කෙරෙන බව ඔහු සඳහන් කළා. මේ අතර විදුලි බලාගාර 2කට ඉන්ධන සැපයීම අද සිදු කෙරුණා.
ඒ අනුව කෙරවලපිටිය බලාගාරයට සහ සොජිස්ට් බලාගාරයට ඩීසල් මෙට්‍රික් ටොන් 800ක් ලබා දීමට ඛනිජතෙල් නීතීගත සංස්ථාව කටයුතු කර තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |