සති අන්තයේ විදුලිය විසන්ධි කිරීම ගැන නවතම තීරණය..! විදුලිය විසන්ධි වන වේලාවන් සහ අදාල ප්‍රදේශ සියල්ල මෙන්න..

Sri Lanka sapugaskanda norochchole sri lanka electricity board power cut
By Sewvandhi Mar 04, 2022 11:29 AM GMT
Report

මෙම සති අන්තයේ විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව හෙට (05) සෙනසුරාදා දිනයේදී PQRSTUVW යන කලාපවලට පැය 4ක කාලයක් විදුලි කප්පාදුව සිදුවනවා.

ඒ උදෑසන 8.30සිට පස්වරු 5.30 අතර කාලය තුල පැය 3ක කාලයක් සහ සවස 6 සිට රාත්‍රී 10 දක්වා වන කාලය තුල පැයක් වශයෙන්.

එමෙන්ම E,F යන කලාපවලට පැය 7ක කාලයක් විදුලි කප්පාදුව සිදු කෙරෙනවා.

ඒ පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා පැය 4ක් වශයෙන් සහ සවස 4.30 සිට රාත්‍රී 10.30 දක්වා පැය 3ක කාලයක් වශයෙන්.

ඉරිදා (06) දිනයේ පැය 2.30ක කාලයක් උදෑසන 9 සිට සවස 4.30 දක්වා කාලය අතර විදුලි කප්පාදුවක් සිදුවන්නේ ABC යන කලාප තුනට පමණයි.

සති අන්තයේ විදුලි කප්පාදු කාල සටහන මෙතැනින්...

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery