විදුලි කප්පාදුව ගැන ගත් නවතම තීරණය..!
හෙට (21) දිනයේ දකුණු පළාතට පමණක් පැයක හෝ පැය එකහමාරක විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බවට මහජන උපයෝගිතා කොමිසම පවසයි.
එමෙන්ම අවශ්‍ය ප්‍රමාණයට තෙල් සංචිත හා මුදල් සොයා ගැනීම හේතුවෙන් හෙට (21) දිනයේ සෙසු ප්‍රදේශවලට විදුලි කප්පාදුවක් සිදුකිරීමට අවශ්‍ය නොවන බවද එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා කියා සිටියේය.
මීට පෙර හෙට දිනයේ පැය 4කට වඩා වැඩි විදුලි කප්පාදුවක් සිදුකළ යුතු බවට වාර්තා වී තිබුණි. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනක රත්නායක මහතා,
"අපිට උදේ ලැබුණ දත්තවලින් තේරුණේ, හෙට දවසේ දී පැය 4ක පමණ විදුලි කප්පාදුවක් සඳහා යෑමට සිදුවන බවයි. ඒ අනුව අපි ඉතා ඉක්මනින් ක්‍රියාකාරී වෙලා සියලුම ආයතනවලට සහ දේශපාලන අධිකාරියට දැනුම්දුන්නා අපිට තියෙන තත්ත්වය අනුව හෙට විශාල විදුලි කප්පාදුවකට යන්න වෙනවා කියලා.
නමුත් ඒ තත්ත්වය දැන් වෙනස් වෙලා තියෙන්නේ. ඒකට හේතුව තමා අවශ්‍ය තෙල් සංචිත හා මුදල් ප්‍රමාණය අපිට සොයා ගන්න පුළුවන් වුණා. හෙට විශාල විදුලි කප්පාදුවකට යන්නේ නැතුව අපිට මේ තත්ත්වයෙන් ගොඩ එන්න පුළුවන්. නමුත් දකුණු පළාතේ පැයක එකහමාරක විතර විදුලි කප්පාදුවකට යන්න වෙනවා.
ඒකට හේතුව තමයි සමනල වැව, කාසල්රී, මාවුස්සාකැලේ වැනි ජලාශවල ජල සංචිත ඉතා සීඝ්‍රයෙන් පහත බැස තිබීම. ඒ නිසා දකුණේ පළාතේ පමණක් විදුලි කප්පාදුවක් සිදුවෙනවා. ඒ කාලවේලාවන් හෙට 12ට කලින් දැනුම් දෙනවා."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |