විදුලි කප්පාදුව ගැන අද ගත් නවතම තීරණය
Sri Lanka
Udaya Gammanpila
Sapugaskanda
Kalanithissa
Powera outage
By Sewvandhi
සඳුදා තෙක් විදුලි කප්පාදුවක් සිදුනොකරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.
අද පැවති පුවත්පත් සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ කර ඇත.
මේ අතර,මෙරටට ඉන්ධන ඇතුළු ඛනිජ තෙල් නිෂ්පාදන මිල දී ගැනීම සඳහා ඉන්දියාව ඩොලර් මිලියන 500 ක ණය මුදලක් අනුමත කර තිබෙනවා.
එය නුදුරේදීම මෙරටට ලැබීමට නියමිත බවයි වාර්තා වන්නේ. ඉන්ධන මිල දී ගැනීමට මෙලෙස ඉන්දියාවෙන් ණය මුදලක් අනුමතව ඇත්තේ, ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ පා ඇති දැඩි ඉන්ධන අර්බුදය හේතුවෙන්.
කෙසේවෙතත් රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ, ඉදිරියේ දී විදුලිය ද සෘජුව ඉන්දියාවෙන් ලබා ගැනීමට මේ වනවිට සාකච්ඡා සිදු වෙමින් පවතින බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |