අද (19) මුළු දිවයිනටම විදුලිය කපා දමන බව දැනුම්දෙයි ..සිදු වන්නේ මෙහෙමයි..
විදුලි බල පද්ධතියේ සමබරතාව පවත්වා ගෙන යාම සදහා අද පස්වරු 2.30 සිට රාත්‍රී 9.30 දක්වා කාණ්ඩ 04ක් යටතේ පැය1යි විනාඩි 45ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙන බව විදුලි ඉංජිනේරු සංගමය පවසනවා
ඉන්ධන නොමැතිවීම හේතුවෙන් මේ වනවිට අක්‍රිය වී ඇති කැලණිතිස්ස විදුලි බලාධාරය යථා තත්ත්වයට පත්වෙන තුරු එම විදුලි කප්පාදුව සිදුවෙන බව වාර්තා වන්නේ.
එනම්,කැලණිතිස්ස විදුලි බලාගාරයේ විදුලි ජනන කටයුතු සම්පූර්ණයෙන් නවතා දැමීමට සිදුවූ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
එහි ඇති ජනන යන්ත්‍ර සඳහා ඉන්ධන නොමැතිවීම හේතුවෙන් එම තීරණය ගෙන තිබේ.
කෙසේවෙතත් රෝහල් ආදී අත්‍යවශ්‍ය සහ හදිසි මහජන සේවා සිදු කෙරෙන ස්ථාන වෙත මෙම විදුලි කප්පාදුව සිදු නොකෙරෙන බව ද හෙතෙම පවසනවා.
මෙම විදුලි කප්පාදුව හෙට (20) දිනයේ සිට යළි යථා තත්ත්වයට පත් කර ගත හැකි බව ප්‍රකාශ කරන කමිටු සාමාජික එරංග කුඩාහේවා කියා සිටියේ, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් මෙට්‍රික් ටොන් 10000ක ඉන්ධන තොගයක් ලබාදීමට එකඟ වූ බැවින් මෙම අර්බුදය යම් තාක් දුරකට විසඳාගත හැකි වන බවයි.
නමුත් අද (19) පැවති මාධ්‍ය හමුවක දී විදුලිබල අමාත්‍යවරයා සහ බලශක්ති අමාත්‍යවරයා සඳහන් කළේ බලාගාරවලට අවශ්‍ය ඉන්ධන ලබාදීමට ඛනිජ තෙල් සංස්ථාව එකඟ වීමත් සමග කිසිම විටෙක විදුලි කප්පාදුවකට අවතීර්ණ වීමට සිදු නොවන බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |