විදුලි ඉල්ලුමෙහි සිදු වූ වාර්තාගත වෙනස..

Ceylon Electricity Board
By krishani Sep 11, 2022 03:05 AM GMT
Report

දෛනික විදුලි පරිභෝජනය සඳහා පැවති ඉල්ලුම පසුගිය මාස දෙකක කාලය තුළ වාර්තාගත ලෙස පහත වැටී ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති ජනක රත්නායක මහතා කියා සිටියේ වසරකට පෙර දෛනික විදුලි පරිභෝජනය විදුලි ඒකක මිලියන 48 ත්, 49 ත් අතර අගයක පැවති බවයි.

එය මේ වනවිට දෛනිකව විදුලි ඒකක මිලියන 38 ත්, 39 ත් අතර අගයක් දක්වා පහත වැටී ඇති බව ද ඔහු පැවසීය.