අද සිට නැවතත් ඇරඹෙන විදුලි කප්පාදුව සිදු වන අයුරු

Power cut Sri Lanka Sri Lanka Ceylon Electricity Board Power Cut Today
By Sewvandhi Jun 02, 2022 02:05 AM GMT
Report

අද (02) දිනයේ සිට යළිත් වරක් දිවයින පුරා රාත්‍රී කාලයේ විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිත බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම හේතුවෙන් මැයි මස 23 වැනි දිනයේ සිට රාත්‍රී කාලයේ කිසිදු විදුලි කප්පාදුවක් සිදු වුණේ නෑ.

කෙසේ වෙතත් අද දිනයේ සිට ලබන 04 වැනි දින දක්වා රාත්‍රී කාලයේ පැයක විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිත බව යි මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේ.

ඒ අනුව අද සහ හෙට (03) යන දෙදින තුළ දිවා කාලයේ පැයක් සහ රාත්‍රී කාලයේ පැයක් වශයෙන් පැය දෙකක විදුලි කප්පාදුවක් සිදු වනු ඇති. මේ අතර, ජුනි මස 4 වැනි දින ද රාත්‍රී කාලයේ පමණක් පැයක විදුලි කප්පාදුවක් සිදු කිරීමට සැලසුම් කර ඇති බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරනවා.

ජුනි මස 05 වැනි ඉරු දින විදුලි කප්පාදුවක් සිදු නො කිරීමට ද තීරණය කර තිබෙන බව සඳහන්.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now