හෙට දවසේ (3/10) විදුලිය කපන වේලාවන්..කාල සටහන මෙතනින්..

Sri Lanka Pavithra Gammanpila sri lanka electricity board power cut
By Sewvandhi Mar 09, 2022 03:31 PM GMT
Report

හෙට දිනයේ විදුලි කප්පාදු සිදු කරන වේලාවන් මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව ඒ – බී – සී – ඩී – ඊ – එෆ් – ජී – එච් – අයි – J – කේ සහ එල් කලාප සඳහා පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා පැය 02 යි විනාඩි 30 ක විදුලි කප්පාදුවක් සිදුවනවා.

එමෙන්ම එම කලාප සඳහා පස්වරු 06 සිට රාත්‍රී 11 දක්වා පැය 01 යි විනාඩි 15 ක විදුලි කප්පාදුවක් සිදුකිරීමටද නියමිතයි.

පී – කිව් – ආර් – එස් – ටී – යු – වී – ඩබ්ලිව් යන කලාප සඳහා පස්වරු 05 සිට රාත්‍රී 11 දක්වා පැය 01 ක විදුලි කප්පාදුවක්ද සිදුකිරීමට නියමිතව තිබෙනවා.

කාල සටහන මෙතැනින්...

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now