හෙට දිනයේත් (3/7) පැය 8කට ආසන්න විදුලි කප්පාදුවක්..එක් එක් ප්‍රදේශ සඳහා විදුලිය කපන වේලාවන් මෙතනින්..

CBL Sri lanka electricity board power cut power cut time tabke
By Sewvandhi Mar 06, 2022 01:55 PM GMT
Report

හෙට (07) උදෑසන 8 සිට රාත්‍රි 11 දක්වා අතර කාලය තුළ කලාප දෙකක් සඳහා පැය හතහමාරක විදුලි කප්පාදුවක් සිදුකිරීමට සැලසුම් කර ඇතැයි මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.

ඒ අනුව උදේ කාලයේ පැය 5ක් හා පස්වරුවේ පැය 2.30ක් වශයෙන් E සහ F යන කලාපවලට විදුලිය කප්පාදු කෙරේ. මේ අතර P,Q,R,S,T,U,V,W යන සෙසු කලාප සඳහා හෙට උදෑසන 9 සිට රාත්‍රි 9 දක්වා වු කාලය තුළ පැය 3ක විදුලි කප්පාදුක් සිදුකරන බව ද එම කොමිසම සඳහන් කළේය.

ඉහත කලාපය 8 සඳහා උදෑසන කාලයේ පැය දෙකක් හා පස්වරුවේ පැයක කාලයක් ලෙස විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතය.

කාල සටහන පහතින්...

මේ අතර බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ ඉකුත් මාර්තු 02 වැනිදා දිවයිනට පැමිණි මෙට්‍රික් ටොන් 37,000ක නෞකාවේ ඉතිරිව ඇති සුපිරි ඩීසල් තොගයක් හා මාර්තු 04 වැනිදා දිවයිනට පැමිණි නෞකාවේ ඇති ඔටෝ ඩීසල් මෙට්‍රික් ටොන් 28, 300ක් ගොඩබෑමේ කටයුතු අද පස්වරුවේ ආරම්භ කළ බවය.

එළඹෙන සතියේ තවත් ඉන්ධන නෞකා දෙකක් දිවයිනට පැමිණීමට නියමිත බවද අමාත්‍යාංශය සඳහන් කළේය. මීට අමතරව විදුලි බලාගාර සඳහා අවශ්‍ය දැවිතෙල් මෙට්‍රික් ටොන් 30,000ක් රැගත් නෞකාවක් හෙට දිවයිනට පැමිණීමට නියමිතය.

මේ අතර මාසයකට වැඩි කාලයකට පසු කැලණිතිස්ස බලාගාරය සඳහා ඩීසල් මෙට්‍රික් ටොන් 4,000ක් ලබාදීමට ඛනිජතෙල් නීතිගත සංස්ථාව අද පියවර ගත් බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේය.

කෙසේවෙතත් ඩීසල් හිඟය නිසා අදත් පිරවුම්හල් අසල ජනතාවට දිගු පෝලිම්වලට රැඳී සිටීමට සිදුවුණි. ඩීසල් රැගත් නෞකා දෙකක් ගෙවුණු දින කිහිපයේ දිවයිනට පැමිණ තිබුණත් ඒවා ගොඩබෑමේ ප්‍රමාදය හේතුවෙන් තවමත් පිරවුම්හල්වලට ඩීසල් බෙදාහැරීමේ යාන්ත්‍රණය යථා තත්ත්වයට පත්වී නොමැත.

ජනතාව පිරවුම්හල් අසල දිගු පෝලිම්වල සිය රථවාහන නවතා රැඳී සිටින ආකාරය ඊයේ (05) රාත්‍රියේ මෙන්ම අද උදෑසනත් දක්නට ලැබුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now 


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery